සියවැනි සටහන : අඳුර

අන්ධකාරය දසත පැතිරී ඇත. මහා කැලයක් මැද නිමක් නොපෙනන පාළු පාරක මිනිසෙක් ගමන් කරමින් සිටියි. ඔහු ඉදිරියට පය තබන්නේ හැඟීමක් දැනීමක් නැත්තෙකු සේය. කිසිදු අරමුණකින්වත්, විඩාවකින්වත් තොරවය ඔහු ඉදිරියට ඇදෙන්නේ. ඔහු කොපමණ වේලාවක් ඇවිද ගියාදැයි ඔහුවත් නොදනියි. ගමනාන්තය ! ඉදිරියේ දිස් වන්නේ ගුප්ත බවින් වෙළී ගිය විශාල නිවසකි. ඔහු නිවසට ඇතුළු විය යුතුය. ඔහුට එසේ […]