ඉහත ලිපිය කියවන්න. කදුරුවෙල ජයන්ති විහාරයේ ධම්මපාල හිමිපානන්ගේ යෝජනාව කෙතරම් කාලෝචිත යෝජනාවක්ද සිතන්න. මෙම යෝජනාව එම ප්‍රදේශයට පමණක් සීමා නොකොට රට පුරා ක්‍රියාත්මක කල යුතු යෝජනාවක් නොවේද මිත්‍රවරුනි?
ලංකාවේ බහුතරයක් බෞද්ධයන්ය. පෝය යනු බෞද්ධයන්ගේ දිනයකි. පෝයට බෞද්ධයන් හැසිරිය යුත්තේ බෞද්ධයන් විදියටය. පෝයට අබෞද්ධ ක්‍රියාවල නිරතවිය නොහැක.
ඒ නිසා පෝය දවස් වලට අනෙක් සියලු අමතර වැඩවල නිරත වීම තහනම් කොට බාල, ළමා, වැඩිහිටි, ගැහැණු, පිරිමි, මහළු, අන්ධ, ගොළු, බීරි සියල්ලන්ටම පන්සල් යාමද අනිවාර්ය කල යුතුය. මන්ද හෙළයේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන් හරි මාර්ගයේ යැවීමට පෙර ඔවුන්ට මඟපෙන්වීමට සිටින වැඩිහිටියන් හරිමාර්ගයේ යැවිය යුතු නිසාය.
ඉන් නොනැවතී පෝදාට පන්සල් යාමට බාධාවන සියලු දේ රට පුරා තහනම් කොට සියලු දුරාචාර වලින් තොර දිනයක් සේ ගත කිරීමට සියලුම සිංහලබෞද්ධයින්ව පෙළඹවිය යුතුය.
ඒ සඳහා,
එදින බාර් වැසිය යුතුය, මස්කඩ වැසිය යුතුය, නිකන් කඩත් වැසිය යුතුය, Food City වැසිය යුතුය, බැංකු ඇරලා නම් ඒවත් වැසිය යුතුය, A.T.M මැෂිනුත් ක්‍රියා විරහිත කල යුතුය, විශේෂයෙන් පර සුද්දා හඳුන්වා දුන් ක්‍රිකට් මැච් බැලීම නැවැත්විය යුතුය, ක්‍රිකට් මැච් TV එකේ පෙන්වීම නැවැත්විය යුතුය, සංගීත සංදර්ශන තහනම් කල යුතුය, TV රේඩියෝ වල සින්දු ටෙලිනාට්‍යය චිත්‍රපට පෙන්වීම තහනම් කොට බණ සහ දහම් සාකච්ඡා පමණක් විකාශය කල යුතුය. පෙට්‍රල් ශෙඩ් වැසිය යුතුය, කොණ්ඩා කපන සැලූන් වැසිය යුතුය, පෙම්වතුන් පෙම්කිරීමට යොදා ගන්නා උද්‍යාන වැසිය යුතුය(ගෝල් ෆේස් ද ඇතුළුව), චිත්‍රපට ශාලා වැසිය යුතුය, සියලූම ලැගුම්හල් සහ හෝටල් වැසිය යුතුය, පෙම්වතුන්ට පෙම්කිරීම තහනම් කල යුතුය (ඔවුන් පෙම්කිරිමට බහුල ලෙස යොදාගන්නා දුරකථන සහ SMS පහසුකම් බ්ලොක් කල යුතුය), දේශපාලනය කතා කිරීම නැවැත්විය යුතුය. Facebook යාමට සහ වැල බැලීමට අප තරුණ පරපුර වැඩියෙන්ම යොදාගන්නා internet පහසුකම් බ්ලොක් කල යුතුය, කාන්තාවන්ට ඇඳීමට සිහළබෞද්ධ න්‍යායාචාරවරුන්ගේ අනුමැතිය සහිත dress code එකක් නිර්දේශ කල යුතුය. එය නොඇඳ ජංගි සේ කොට සායවල් සහ ඇඟට හිර ඩෙනිම් කලිසම් අඳින ගැහැණු ළමුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.
එකී මෙකී නොකී ධර්මානුකූල නොවන සියලු දේ තහනම් කොට ධර්මානුකූල දේ පමණක් කල යුතු බවට සඳහන් කරමින් නීති සම්පාදනය කල යුතුය.
රෝගීන් වෙනුවෙන් රෝහල් පමණක් ක්‍රියාත්මක කල යුතුය. රෝහල් වලද මුළු රෝහලටම ඇසෙන අන්දමට පිරිත් දැමීම අනිවාර්ය කොට නීති ගෙන ආ යුතුය.
එදින සියල්ලන් බණ ඇසිය යුතුය, බණ කිව යුතුය. බණ දැමිය යුතුය. දහම් සාකච්ඡාවල නිරත වී දහම් දැනුම වැඩිකරගත යුතුය. සියලුම දෙනා එදින පන්සල් ගොස් ධර්මානුකූලව දවස ගත කල යුතුය.
අනෙක් ආගම් වල අයට සිය නිවෙස් වලට වී එළියට යන්නේ නැතිව විවේක සුවයෙන් ගත කල හැකිය. මේක බෞද්ධයින් බහුතරයක් ඉන්න රටක් නිසා ඔවුන් එයට එකට විය යුතුය (දැනටමත් පෝය දිනයන්හි යම් මට්ටමකට එය සිදුවන නිසා ලොකු ප්‍රශ්නයක් ඇති නොවනු ඇත)
හොඳින් කිව්වම තේරෙන්නේ නැත්නම් බලෙන් හරි අපේ රට ගොඩගත් යුතුය. පන්සල් යාම සහ ධර්මානුකූලව දවස ගත කිරීමට අමතර දේ කරන අයව අත් අඩංගුවට ගත යුතුය. දඩ ගැසිය යුතුය. හිරේ දැමිය යුතුය. දඬුවම් කල යුතුය.
දැන්ටමත් අප පමා වැඩිය. කලයුතු දේ තේරුම් ගෙන පිටකොන්ද ඇති සිහළුන් සේ දැන්වත් ක්‍රියාත්මක නොකල හොත් අපේ අනාගත පරපුර නිදහස්ව හිතන, අපේ යල් පැනගිය ආකල්ප පසෙකලා අනාගතයට ගැලපෙන සමාජයක් නිර්මාණය කිරීමට පෙළඹෙන, අපේ ජාතිය ආගමට ඇති ආලය පසෙකලා මනුෂ්‍යත්වයට මුල් තැන දෙන මිත්‍යාදෘෂ්ඨික කාලකණ්ණින් පිරිසක් බවට පත් වනු ඇත.
නියම තලේබාන් පොරක් නේ. පට්ටම් ටික කියවන්නම පැය බාගයක් විතර යනවා.
LikeLike
ධරමය දේශණා කර සහ ආදර්ශයෙන් රටේ මිනිසුන්ට සිල් ගැනීමට අපට නොහැකිවී ඇති නිසා නීතියෙන්, තර්ජනයෙන් සහ බල කිරීමෙන් රට වැසියන් නිවන් ඇරීමට සහයෝහය දෙන්න – ලංකාවේ සම හරක් භික්ෂූණ්
LikeLike
ඇයි එදාට වාහනවල අහන්ඩ ඕන බන විතරමයි.. වෙන ඒව බෑ මිනිහෙක්ට බඩේ අමාරුවක් ආවත් කක්කුස්සියට යන්ට තහනම් …. කක්ක කරල වතුර පාර ගහපු ගමන් පනුවො ටික මැරෙනව නෙ… උන් පව් නෙ.. ආගමට විරුද්දයි නෙ…. සදාචාරයට පටහැනියි නෙ….
මහත්තයො මේ 21 වෙනි සියවස අදුරින් මිදිල ආලෝකයට එන්න….
කාටවත් පුලුවන්ද බලෙන් ආගම අදහවන්ට බලෙන් නිවන් දක්වන්ට….
LikeLike
හාමුදුරුවරුන්ට පුළුහං
LikeLike
නිවන් දකිනවද අපි නිවන් යවන්නද?
LikeLike
කියල වැඩක් නෑ බං. බෞදියේ නායකයොනෙ මේ
LikeLike
ට#කේ
LikeLike
මෙමෙ ලිපිය[පොටෝ කොපිය ] පළකිරීමෙන් ඔබට පුලුවන්ද [ Jamis Banda ] හාමුදුරුවරුන්ට විරුද්දව නඩුවක් පවරන්න සාපරාධි තර්ජනයක් යටතේ එසේ කළහැකිනම් බොහොම වටිනා කාර්යක් ලන්කාවට කලසේ කිව හැකියි
LikeLike
https://rasikalogy.blogspot.com/2017/08/axis-of-evil.html
LikeLike
පොළොන්නරුවේ කවුදෝ ගනින්නාන්සේ කෙනෙකු පෝයදාට කඩ වහන්නට යැයි කියා නගරයේ ව්‍යාපාරික ස්ථානයකට ලිපියක් යවා ඇත.
බබා ස්වරයෙන් ලියා තිබුණද, එහි අන්තර්ගතයේ ඇති තර්ජනය ඉතා පැහැදිලි වේ.
සංවිධානය වූ ආගම් යනු මූලිකව ම මිනිසුන්ගේ රැවටීම මත ගොඩ නැගී, සවිමත් වී, පැවතෙන කූට ව්‍යාපාර විශේෂයක් ය යන්න ආගමික අන්ධයින්ට හැර අන් සියලු දෙනාට ම සක්සුදක් සේ පැහැදිලි විය යුතු සත්‍යයකි.
බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් ලංකාවේ වැරදීමකින් හෝ බිහිවුණු දිනයක මේ ආගමික අමාත්‍යාංශ සියල්ල විසුරවා දමනු ඇතැයි සිතා සැනසීම හැර අපට කළ හැකි අන් දෙයක් තියේ ද?
LikeLike
https://srilankanatheists.wordpress.com/
LikeLike
Sapumal….උඹ කවදා ඉඳලාද කඩේ යන්වදේ පටන් ගත්තේ ගෙවීම් හොඳනම් කියාපන් මදිනම් එත් කියාපන් හොඳ කඩ පෙන්වන්නම්
LikeLike