පොහොය දින වල රට පුරා සියළු වෙළඳ සැල් වසනු !

ඉහත ලිපිය කියවන්න. කදුරුවෙල ජයන්ති විහාරයේ ධම්මපාල හිමිපානන්ගේ යෝජනාව කෙතරම් කාලෝචිත යෝජනාවක්ද සිතන්න. මෙම යෝජනාව එම ප්‍රදේශයට පමණක් සීමා නොකොට රට පුරා ක්‍රියාත්මක කල යුතු යෝජනාවක් නොවේද මිත්‍රවරුනි? ලංකාවේ බහුතරයක් බෞද්ධයන්ය. පෝය යනු බෞද්ධයන්ගේ දිනයකි. පෝයට බෞද්ධයන් හැසිරිය යුත්තේ බෞද්ධයන් විදියටය. පෝයට අබෞද්ධ ක්‍රියාවල නිරතවිය නොහැක. ඒ නිසා පෝය දවස් වලට අනෙක් සියලු අමතර වැඩවල නිරත වීම […]

වරෙව් මහතුනේ කුණු කය වළදන්ට

විනේ කටින උන් විනේ කටින උන් තරහක් නොකියාම කනේ කොහොඹ මිරිකනවා හැමදාම ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම වනේ නැතිව උන් වනේ නැතිව උන් දුක දන්නේ කෝම ගමේ ගැටව් කරබාගෙන උන්නාට විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට නෙළා ගනින් යැයි කප්රුක පිදුවාට ඉණේ රෙද්දමයි හිටියේ හරහාට ළැමේ කිරට මොරගානා පැටියන්ට අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට ළිපේ […]

හීන දහයක්

ජීවිතයක් ජීවත් කරවන්නේ බලාපොරොත්තු නම් ජීවිතයකට සුන්දරත්වයක් එකතු කරන්නේ හීන කියලයි මට හිතෙන්නෙ. කවදා හෝ සැබෑ විය හැකි හීන වගේම කිසිදා සැබෑ නොවන බව දන්නා හීනත් අපි හැමෝටම තියෙනවා. මේ මගේ මිතුරකුගේ ඉල්ලීමක් ඉටු කිරීමේ අරමුණින් ලියවුන මගේ හිතේ තියෙන මගේ “හීන දහය”  1. ටූපක් ශකූර් ගේ නව ගීත ඇල්බමයක් ඇසීම. (ටූපක් මැරෙන්න කලින් හදපු ඒත් ඒ වෙනකොට […]

එදිනෙදා ඇහෙන මෝඩ කතා #1

“හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා”  මම මහින්දව විවේචනය කරනවා ඇහිලා අද ඔෆීසියේ කෙනෙක් කිව්ව කතාවක්. කතාව ඉතින් හොඳයි. තවත් හොඳයි ඒක අමු මෝඩ කතාවක් නොවුන නම්. ඔතන මහින්ද වෙනුවට හිට්ලර් වගේ චරිතයක් ආදේශ කලා නම් කතාවේ අවුල ඉතාම සරලව තේරුම්ගන්න පුළුවන් දෙක වසරේ ළමයෙකුට හරි. කෙනෙක්ගේ ක්‍රියාකලාපයේ හරි වැරැද්ද ඇගයීමට ලක් කරන්න හරි විවේචනය කරන්න […]

ආදම් සහ ඒවගෙන් අහල කියපන්

දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ. මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා) දාලා කිව්වලුනේ “බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ” කියල ඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් […]

බුද්ධිමත් ජනතාවෙනි, ජහ ජහ !

ජනතාව බුද්ධිමත්ය. ජනතාව සාධාරණය. හංසයා දියෙන් කිරි වෙන්කරනා සේ වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කර ගැන්මට ඔවුනට හැකියාව ඇත. සියලු ආධිපත්‍යන්ට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. සියලුම තීන්දු වලට වඩා උතුම් වන්නේ ජනතා තීන්දුවයි.! දේශපාලකයා උදේ සිට සවස තෙක් ගිරිය පුප්පගෙන කෑගසමින් ජනතාව ගැන ගුණ වැයීමට ඉතාම කැමතිය. ජනතාව සැම විටම ගන්නේ නිවැරදිම තීන්දු පමණක් බව ඔහු […]

පාසැල විසින් බලෙන් මව්වරුන්ගේ ඇඟේ සාරිය එතීම ගැන

අතිශය කාර්‍යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්‍ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත. කාන්තාව සිය ගෞරවය ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන සමාජ ක්‍රමයක් තුළ පාසලකට පැමිණෙන මව්වරුන්ව පවා පුහු […]