අපේ පැත්තේ වතු සුද්ද කරන මිනිහෙක් හිටියා. මිනිහට හැමෝම කැමැත්තෙන් හිටියෙ. මොකද මෑන් වත්තක් සුද්ද කලොත් ආයේ තණකොළ මැෂින් එකෙන් කපලා වගේ ගාණට, හැම ගහකම වේලුනු අතු කපලා, කුණු රොඩු ටික පිළිවෙලකට අස් කරලා. හවස් වෙද්දි බලන්න ආසයි.
ඒත් ටික කාලෙකට පස්සේ මිනිස්සුන්ට තේරුනා මෑන් ලස්සනට වතු සුද්ද කලාට මෑන් වැඩ කලයින් පස්සේ ගෙදර හරි වත්තේ හරි බඩු මොනව හරි මිසිංග් වෙනව කියල. උදලු, කොසු වල ඉඳන් ගෙවල් ඇතුළෙ තිබ්බ වටිනා බඩු භාණ්ඩත් මිසිංග් වෙනවලු.
පස්සෙ ඔක්කොමල්ලට තේරුනා මුගේ වැඩ හොඳ වුනාට මූ පල් හොරෙක් කියල. එදා ඉඳන් කොච්චර ලස්සනට සුද්ද කරන මිනිහෙක් වුනත් ගමේ මිනිස්සු මෑන්ස් ව ගෙවල් වලට වද්ද ගන්නෙ නෑ. එළෝලම දානවා.
පස්සේ දැනගත්ත විදිහට මෑන්ස්ට හරියට තරහත් යනවලු. කා එක්ක හරි කොක්කක් දාගත්තොත් බාවලා තමයිලු නවතින්නේ. ගිය අවුරුද්දේ හන්දියේ මිනිහෙක් එක්ක වලියක් දාගෙන අදටත් ඒ මනුස්සයාව හොයා ගන්න නෑලු. අතුරුදන් ලු. අන්තිමට ඒ මනුස්සයාව කට්ටිය දැකලා තියෙන්නේ සුදුපාට බස් එකකට නඟිද්දිලු. එදයින් පස්සෙ ආගිය අතක් නෑලු.
ඒ මනුස්සයා ගැන අහද්දි වතු සුද්ද කරන මෑන්ස්ට කේන්ති ගනවලු අම්බානට. මෙච්චර මිනිස්සු අතුරුදන් වන රටේ ඇයි ඌ ගැනම අහන්නේ කියල කෑගහනවලු.
තැනින් තැන කතාවක් ගියා ගමේ එක ගෙදරක මුගෙ හොරකම ගණන් නොගෙන වත්ත සුද්ද කරගන්නව කියල. මොකද මෑන්ගෙ වැඩ හොඳ නිසා. ඒ ගෙදර ඉන්නෙ ටිකක් මෝඩ පහේ පවුලක්.
වෙන උන් ගැන නම් මම දන්නෙ නෑ. අපේ ගෙදරට හෙම ආයේ ඕකා ආවොත් හෙම සලකන්නේ ආයෙ මේ පැත්ත පලාතේ නොඑන්න.
කොච්චර හොඳට වතු සුද්ද කලත් හොරා හොරාමයි නොවැ. මිනීමරුවා මිනීමරුවාමයි.
නැද්ද මං අහන්නේ?
Superb & Excellent. Thumbs up!
LikeLike
/////කොච්චර හොඳට වතු සුද්ද කලත් හොරා හොරාමයි නොවැ. මිනීමරුවා මිනීමරුවාමයි.////////
LikeLike
ඒක නම් එහෙම තමයි.
LikeLike
තව පුක දීපන් ජහ පාලනයට එතකොට තෝත් නිකම්ම සුද්ද වෙලා හිටියි.
LikeLike
දර්ශීය ශ්‍රි ලාංකික අපතයෙක් ගෙ සිතුවිලි…!
“ඕකට ඔය තරං කලබල වෙන්න එපා තොප්පිගලින් එල්ටීටී කාරයො ගියාට හෙට අනිදද උන් ආපහු එයි “
LikeLike
හෙහ් ඇත්ත තමයි. අර නාන සාර කියන කහ රෙදි හොරත් කොහේ හරි ප්‍රසිද්ද හන්දියක තියල ඔළුකට්ට කුඩු වෙන්ට තියන්න කාටවත් බැරි උනානේ තවම.. 🤔
LikeLike
Budu ammo!Api yanthamata okagen beruna puruwe wasanawakata.Habayi dan inna eka mini maranne nathuwata sabba sakalamanawama horakam karagena yanawa hariyata uge depala wage!
LikeLike
මේක ගැන හරි වැටහීමක් කාටවත් නැහැ. මේක වුණොත් රට ආයිමත් ඉවරයි. ඒක නිසා පවුල් පිටින් හොරා කෑවත්, කට ඇරියොත් බොරු කිව්වත්, මිනී මැරුවත්, රටේම බැලයන් හරහා කුඩු පැතිරුවත්, ගොඩ එන්න බැරිතරම් රට ණය කරත්, රටවැසියන්ගෙ නිදහස කථා කිරීමේ නිදහස වැලලුවත්, හිටපු ජනාධිපතිතුමා හිටියනන් ඒ ප්‍රශ්ණය එන්නෙ නැහැ.
LikeLike
පත්තරේක තිබුණා රනිල් මෛත්‍රී දෙන්නම ආයිමත් සබ්බ ඥාති සනුහරේම අරගෙන ප්ලේන් පිටින් වෙන් කරගෙන රට සවාරි යනවා කියලා. දෙන්නම ජනාධිපති අරමුදලෙන් සල්ලි අරගෙන මැරිච්ච පවුලේ අයට සොහොන් හදන්නත් යනවලු, බොරු ෂෝ එකට වියදම් අඩුයි කියල කිව්වට වාහනම 1500 ක් විතර දෙන්න පාවිච්චි කරනවලු, හැම ව්‍යාපෘතියකින්ම අළුත් ආයෝජනයකින් දහම් ට ගාණ නොලැබුණොත් කරන්න දෙන්නෙ නැහැලු, ඒවයින් සල්ලි එකතු කරන්න කප්පම් ගන්න දම් බලකාය කියල එකක දාගෙන ඉන්නවලු, ආණ්ඩුවේ රස්සා වලට සම මුඛ පරීක්ෂණ තියන්නෙ තානායම් වලලු, සමහරු කන්යාවියො 1000 ක් විතර අනාථ කරලලු. මෛත්‍රී – රනිල් දෙන්න හිතාගෙන ඉන්නෙ ලංකාවේ පරම්පරාහ්ගත බූදලයක් කියල.
LikeLike
එල…
LikeLike
Thanks
LikeLike