බොන්න එපා..හැලප අරන් දියන් !

වෙන රටවල වැඩිහිටියන්ට Don’t drink and drive කියද්දි අපේ රටේ උදේ හවා කියන්නෙ “බොන්නම එපා!” කියල. බොන්නම එපා කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියන සංකල්පයෙන් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටියන් විසින් වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත සමාජ ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න මොනයම් හෝ ආගමකින් හොඳ නරක […]

ආගම් වලට උපහාස, අපහාස කිරීම ගැන

ආගමක් යනු කුමක්ද? මේ ප්‍රශ්නයට එක් පිලිතුරක් ඉදිරිපත් කිරීම අපහසුයි. ‘ආගම’ යන වචනයට විවධාකාර අර්ථ දැක්වීම් දිය හැකියි. ආගම යනු ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන කියැවෙන විශ්වාසයක් හෝ විශ්වාස මාලාවක එකතුවක් කියන එකයි මගේ අදහස. නැත්නම් මම ඉහත සදහන් කල කරුණු ගැන සත්‍යයන් යැයි පැවසෙන අදහස් මාලවන් (truth […]

ජීවිතය කියන්නෙ ෆේස් බුක් නෙමෙයි

ෆේස් බුක් එක.. එහෙම නැත්නම් මුහුණු පොත.. අපි හැමෝගෙම වගේ ජීවිත වල කොටසක් වෙලා. ඒත්, අපි මොහොතකට කල්පනා කරල බැලුවද අපි උදේ ඉඳන් හවස් වෙනකල් ෆේස් බුක් එකේ ඉඳං මොනවද කරන්නෙ කියල මං කතා කරන්නෙ ගෑණු පිරිමි මල් පලතුරු ශෙයාර් කරන්න ෆේස් බුක් එන අයවත්, තමා කන කෑම එක.. යන ට්‍රිප් එක ෆොටෝ ගහල දාන්න […]

ධනාත්මක චින්තන talks

හිතට සහනයක් දෙන ධනාත්මක චින්තන talks.  මේවායින් ප්‍රයෝජන නැත්තේමත් නෑ.  එකක් තමා මේවා කියෝලා, දැකලා, share කරලා ගන්න ආතල් එක. ඒක එක ප්‍රයෝජනයක්. හැබැයි ඒ ආතල් එක එතනින් ඉවරයි. හරියට අර ලබන අවුරුද්දේ මුල ඉඳලා මම Jim යනවා, ඇඟහදා ගන්නවා, සල්ලි ඉතුරු කරන්න ගන්නවා වගේ plan කරලා අවුරුද්දේ මුල් දවස ආවම ඒවා නොකර ආයේ කල්දාන්නේ.  […]

හාමුදුරුවො බණ ටෝකින්ග්

අද පෝය භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස. ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්‍රාසය තමා මේක. ඒ කිව්වෙ පූජකයන් හරි භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මූදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්‍රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක් වීම. […]

මනුසත්කම පිරි යුධ සෙබළා

මනුස්සකම තියෙන යුධ සෙබලා කියන එකත් මාර කන්සෙප්ට් එකක් නේද? දැන් මෙතන සෙබළා කියන භූමිකාව රඟපාන, රණවිරුවා කියන දේශපාලනික සංකේතය පිටිපස්සේ හැංගිලා ඉන්න හොඳ වැඩ කරන, නරක වැඩ කරන, ජඩ වැඩ කරන, නරුම වැඩ කරන, මෝඩ වැඩ කරන, ඊර්ෂ්‍යා කරන, ආත්මාර්ථකාමී අපි වගේම ලේ ඇට නහර වලින් හැදුන මිනිහාගේ පපුවට “මනුස්සකම තියෙන යුධ සෙබළා” කියලා […]

වතු සුද්ද කරන මිනීමරුවා

අපේ පැත්තේ වතු සුද්ද කරන මිනිහෙක් හිටියා. මිනිහට හැමෝම කැමැත්තෙන් හිටියෙ. මොකද මෑන් වත්තක් සුද්ද කලොත් ආයේ තණකොළ මැෂින් එකෙන් කපලා වගේ ගාණට, හැම ගහකම වේලුනු අතු කපලා, කුණු රොඩු ටික පිළිවෙලකට අස් කරලා. හවස් වෙද්දි බලන්න ආසයි. ඒත් ටික කාලෙකට පස්සේ මිනිස්සුන්ට තේරුනා මෑන් ලස්සනට වතු සුද්ද කලාට මෑන් වැඩ කලයින් පස්සේ ගෙදර හරි […]