අපේ රටේ සාමාන්‍යය ජන විඤ්ඤාණය, බලය සහ වෘතිය ගරුත්වය හමුවේ ක්‍රියාකරන හැටි ගැන නිරීක්ෂණය කරන්න තියෙන හොඳම වෘතීන් දෙක තමයි පොලිසිය සහ වෛද්‍යය වෘතිය.
මේ දෙකන් එක පිරිසක්, අනෙකා මත බලය පතුරවන්න නීතිමය වරප්‍රසාදයක් තමන්ට හම්බවෙලා තියෙනවාය කියල හිතන් ඉන්න අතරෙ අනෙක් පිරිස, තමාගේ වෘතිය හේතුවෙන් දැඩි ගෞරවයට පාත්‍ර වීම නිසාම තමන් අමුතු සත්ව කොට්ටාශයක් කියල හිතන් ඉන්නව.
අපේ රටේ ඔය කියන ‘සාමාන්‍යය මනුස්සයාට’ බලය සහ දැඩි වෘතිය ගරුත්වය හිමිවුනාම ඔවුන් හැසිරෙන විදියෙ හරස්කඩක් තමයි අපිට වර්තමාන පොලිසියේ සහ වෛද්‍යයවරුන්ගේ හැසිරීම හරහා දකින්න තියෙන්නෙ
නැතුව, පොලිසිය සහ වෛද්‍යවරුන් කියන්නෙ ලාංකීය සමාජයට පිටසක්වලින් පහල වුන සතුන් කොටසක් නෙමේ.
අපිට මොවුන් මේ පෙන්වමින් ඉන්නෙ අපේම සමාජයේ වටිනාකම්, ආකල්ප වල අවසාන ප්‍රථිපලය විදියට පෙරිල එළියට එන්නෙ නිර්ලජ්ජිත, ආත්මාර්ථකාමී, හැඟීමක් දැනීමක් නැති කුණුවෙච්චි මිනිස්සු කියන එක.
මේක තමා සමාජයක් විදියට අපි මුහුණදීල තියෙන ඛේදවාචකය. මේ විදියේ නරුම හැසිරීම් වල මූලයන් තේරුම් ගන්න නම් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ අපේම වටිනාකම් අපෙන්ම ප්‍රශ්න කරගන්න එක විතරයි.
සහතික ඇත්ත!
LikeLike
ඔය දෙකටම අයිති කුලකය තමයි ලෝයර්ල ටික
LikeLike
අනිවා ඇත්ත අයියා ගොඩක් වෛද්‍ය වරුන් හරිම කුහකයි . එයාල හිතන් ඉන්නේ එයාලා නැත්තන් බෑ වගේ. සෑම රැකියාවක්ම වැදගත්. හැම රැකියාවකටම ගරු කරමු.
LikeLike
100%ක් එකඟයි
LikeLike