කතරගම යද්දි කට වරද්දගන්න එපා !

කතරගම වන්දනාවේ යමින් හිටි බස් එකක් ත්‍රීවීල් එකක ගැටිල මාරක රිය අනතුරක් වුනාය කියල නිවුස් වල දැක්කා.

ඒ එක්කම මට මතක් වුනේ මම කතරගම ගිය අන්තිම වතාවෙ ඔය වගේම අනතුරක් ගැන මගේ නැන්දා කියපු දෙයක්

“කතරගම යද්දි කට වරද්ද ගන්න හොඳ නෑ.. අනිවාර්‍යෙන් ඔය කට්ටිය කට වරද්දගන්න ඇති ඔහොම දෙයක් වෙන්න”

මට ඒ කතාව ඇහුනම මතක් වුනේ ඔය කාරණාව ගැන උපුල් ශාන්ත සන්නස්ගල කිව්ව කතාවක්. මට මතක විදියට මෙන්න මෙහෙම දෙයක් ඔහු කිව්වේ..

“කඳුකර පලාතක බස් එකක මිනිස්සු පිරිසක් වන්දනා ගමනක යනව කියල හිතන්න. එකපාරම නොහිතූ විදියට බස් එක අනතුරකට ලක් වෙලා බස් එක පෙරලෙනවා හෙලකට.. දැන් මෙහෙම පෙරලෙද්දි බස් එකේ මිනිස්සු පොඩි වෙලා, චප්ප වෙලා මැරෙනවා කියල හිතන්න. ඔය අතරේ බස් එකේ හිටිය පොඩි ළමයෙක් ජනේලයකින් එළියට විසිවෙලා පඳුරක හිර වෙනවා. ඒ නිසා ඒ ළමයාගේ ජීවිතය බේරගන්න ලැබෙනවා. ඔය සිද්ධිය ගැන අහන අය කියයි කට වරද්ද ගත්ත හින්දයි ඔය අනතුර වුනේ.. ළමයාගේ පිනට ළමයා බේරුනාය කියල….”

“.. දැන් ආයෙම හිතන්න ඔය පලාතටම යනව කියල ජම්බෝල පිරිච්ච ලොරියක්. ඒ ලොරියත් කලින් බස් එක වගේම අනතුරට ලක් වෙලා අර හෙලින්ම පෙරලෙනව. දැන් මෙහෙම පෙරලෙද්දි ලොරියෙ තිබ්බ ජම්බෝල ගෙඩි ටික පොඩි වෙලා, චප්ප වෙලා විනාශ වෙලා යනව කියල හිතන්න. ඒත් මේ පාර ළමයෙක් වෙනුවට ජම්බෝල ගෙඩියක් ජනේලයෙන් එළියට විසිවෙලා පඳුරක හිරවෙනවා කියල හිතන්න..

දැන් ඒ අනිත් ජම්බෝල ගෙඩි විනාස වුනේ ඒවා වන්දනා ගමන යන අතරතුර කට වරද්ද ගත්ත නිසාද. අනිත් ජම්බෝල ගෙඩිය බේරුනේ ඒ ජම්බෝල ගෙඩියෙ පින නිසාද?”

ඔන්න ඕකයි කතාව

One response to “කතරගම යද්දි කට වරද්දගන්න එපා !

  1. අතාර්කික විශ්වාස සමග තාර්කිකව තර්ක කල නොහැක. ඔයවගේ දේවල් වීස්වාස කල හැකි අය අපි කියන කිසි දේකින් එය අඩු කරන්නේ නැත. විස්වාසය පදනමක් නැතිව ගොඩ නැගී ඇති නිසා එය බිඳ හෙලිය නොහැක

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s