සාමාන්‍යය කටවහරින් “පොෂ්” සහ “ගොඩේ” කියල හඳුන්වන කණ්ඩායම් දෙකක් ඉන්නෙ..
ඔතනින් ගොඩ දෙනෙක් තමන්ව “ගොඩේ” කියලා හදුන්ව ගන්න කැමති නෑ. ඒත් “පොශ්” කියලා තමන්ව හදුන්වා ගන්න කණ්ඩායම විසින්, තමා “පොශ්” ය කියලා ඒ අය අදුන්ව ගන්න චර්යාව වෙන්කර හදුනා ගන්න අවශ්‍ය නිසා, තමන් “පොශ්” වෙද්දි තමන්ගේ චර්යාවෙන් පිට පිරිසව “ගොඩේ” කියලා හදුන්වනවා.
ෆේස් බුක් එකේ ඉන්න උඹලා අපි වගේ “පොශ්” පොරවල්ට නම් ආයේ ඉතින් අමුතුවෙන් ඔය “පොශ්” සෙට් එක ගැන අමුතුවෙන් හදුන්වන්න දෙයක් නෑ මම හිතන්නේ.
ඔය බැරිස්ටා එකේ ඉදගෙන, බාගයක් කාපු පැස්ටා එකයි, බීපු කැපචීනෝ එකයි, කියවන තඩි පොතයි පැත්තකින් අහුවෙන විදිහට සෙල්ෆි එකක් ගහලා “විශින් වර්ල්ඩ් පීස් විත් බණ්ඩා ඇන්ඩ් 33 අදර්ස් ඇට් බැර්ස්ටා” කියලා දාන්නේ. ඊට පස්සේ ගොඩ කාලෙකින් හම්බුන යාළුවව බදාගෙන “ෆීල්න් ඩ්‍රන්ක් විත් නවම් ඇන්ඩ් 54 අතර්ස් ඇට් ටැප් හවුස්, ඩච් හොස්පිටල් කියලා දාන්නේ. ඊටත් පස්සේ හස්බන්ඩ්ට වැදලා වැදලා මතක් කරලා ගත්තු පර්ෆියුම් එකයි කාර්ඩ් එකයි වත්තෙන් කඩා ගත්තු ඇන්තූරියම් මල් දෙකේ ෆොටෝ එකයි දාලා “ෆීලිං ලවුඩ් විත් හබී ඇන්ඩ් 128 අදර්ස්” කියලා දාන්නේ.
“ක්‍රි කොස් ඇන්ඩ් සම්බල්” දවල්ට කන්නේ.. කැඩිච්ච ඉන්ග්‍රිස් වලින් දවස පුරා යාළුවෝ එක්ක කතා කරන්නේ…
ඔය කොයිතරම් තමන් සාමාන්‍යය සමාජයෙන් වෙනස් කියලා පෙන්වන්න හැදුවත්, මේ අයගෙත්.. ඒගොල්ලන්ටම අනුව “ඊයා ගොඩේඩේඩේ..ඒඒඒ” කියලා හදුවන කණ්ඩායමත් අතරේ වැඩි වෙනසක් නෑ කියලයි පුද්ගලික අත්දැකීම් වලින් මටනම් හිතෙන්නේ.
දවස පුරා කඩ්ඩෙන් කතා කරන තැන් වල වැඩ කරන මිනිස්සු තුළත් ලංකාවෙ අමු ගොඩේ කියල හඳුන්වන ලක්ෂණ තියෙන බව මම අත්දැකීමෙන් දන්නවා. මේ මිනිස්සු දියුණුයි කියල තමාවම හඳුන්ව ගත්තට සමාජීය අතින් ගැමියන්ට සමානයි. චින්තනයේ වැඩි වෙනසක් නැහැ. ඕන නම් එක පිරිසක් ඉරිදා පොළෙන් බඩු ගද්දි අනිත් පිරිස ෆුඩ් සිටියෙන් බඩු ගනියි. එක පිරිසක් ‘සැලූන්’ එකෙන් කොණ්ඩේ කපද්දි අනිත් පිරිස ‘සැලෝන්’ එකෙන් කොණ්ඩේ කපයි.
ආර්ථික මට්ටමෙන් වෙනස් වුනාට ගුණදර්ම, සාරධර්ම අතින් වෙනසක් නැහැ.
අනිත් මනුස්සයාගේ අයිතීන්ට ගරු කරන එක, නිදහසට ගරු කරන එක, අනිත් කෙනාගේ පුද්ගලික ජීවිතය තුළ තමාට තියෙන සීමාව වගේ මූලික සදාචාරයන් ගැන හාංකවිසියක දැනුමක් නැහැ. ඒවා රකින්න උවමනාවක් නැහැ. තේරුමක් නැහැ.
නම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන කම්පැනියක වැඩ කලාට, ටයි පොලු දාගෙන හිටියට, දවස තිස්සේ මූණ පුරා මේක් අප් උලාගෙන පුකවල් හිර වෙන්න කලිසම් ඇඳං හිටියට ඇතුලාන්තයෙන් මේ අය බහුතරයක් හැසිරෙන්නේ “ඊයා ගොඩේඩේඩේ” ගැමියො වගේ. නූතනත්වය කියන තමාට නොතේරෙන පරිසරයකට අත ඇරලා දාපුවම ඒ වෙනස එක්ක කටයුතු කරන්න ඕන විදිය හිතා ගන්න බැරි “ඊයා ගොඩේඩේඩේ” ගැමියො ටිකක් වගේ.
ඔව්.. මේ කතා කරන්නෙ ඕපාදූප කියන දේ ගැන.. අනිත් මනුස්සයාගේ පුද්ගලික අවකාශයට බලෙන් රිංගලා ඒකෙන් ආතල් එකක් ගන්න එක ගැන
“…අරයා මෙයා එක්ක නිදාගන්න එක..මෙයා අරයා එක්ක කලින් යාළු වෙලා හිටිය එක.. වැඩ ඇරිලා අරයා මෙයාගේ කාර් එකට නැග්ග එක… අරයා යාලු වෙලා ඉඳල තියෙන කොල්ලො ගාන.. අරයාගේ පවුලේ ප්‍රශ්න.. අරයා ගේ සායේ කොට.. බ්ලවුස් එකේ දිග.. විදලා තියෙන කරාබු ගාන.. ටැටූ ගහල තියෙන ගාන සහ තැන්…”
ටයි පොලු දාගත්ත නූතන අබිලිංලා සහ දයාවතීලා ගේ දිනචරියාවේ ප්‍රධානම කොටසක් වෙලා තියෙන්නේ අනෙකාගේ පුද්ගලිකත්වයට බලෙන් හොට දාලා ඒ රහස් කාමර වල තියෙන දේ බලලා අනිත් අයට කියලා වින්දනයක් ලබන එක.
කොච්චර ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගියත් ඒ සෝ කෝල්ඩ් ගොඩේ කම නැති කරන්න බැරි වෙලා තියෙනව.
මඩේ ළගින ඌරෙක් ලෝකෙම තියෙන කුණු වලින් රසයක් විඳිනව වගේ මේ පිරිසත් අනුන්ගේ ජීවිත වල තියෙන කුණුවලින් රසයක් විඳිනව.
ටයිපොලු දාගෙන.. මේකප් උලාගෙන අනිත් මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත වලට එබිකම් කරල ඒ අයගෙ පුද්ගලිකත්වය තමාගෙ වටිනාකම් වලින් මැනල තැන් තැන් වල එක එක්කෙනා එක්ක කියවන එක තරම් ආතල් එකක් මේ මිනිස්සුන්ට තවත් නැහැ.
කොච්ච්චරම උත්සාහ කලත් කූඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියන කතාවෙ වගේ බාහිර පෙනුමෙන්, යන වාහනයෙන්, පාවිච්චි කරන ෆෝන් එකෙන්, ගෙදර ඉන්නා බල්ලාගේ වර්ගයෙන් කොච්චර නූතන වුනත් ඒ අයගේ මනස අස්සේ තවම ජීවත් වෙන සමාජීය වශයෙන් “ඊයා ගොඩේඩේඩේ” ගැමියාව පාලනය කරන්න ඒ නූතනත්වයට නොහැකි වෙලා තියෙනවා.
මේ අය කොච්චර පොෂ් වෙන්න හැදුවත්.. නූතන වෙන්න හැදුවත්.. ඔලු අස්සේ හිර වෙලා ඉන්නෙ ඔහොම සතෙක්. මේ අයව පොෂ් කියල හඳුන්වනවට වඩා ගැලපෙන්නෙ “පොෂ් ගොඩයො” කියල.. එහෙම නැත්තම් “ඉන්ටර්නැෂනල් ගොඩයො” කියල හඳුන්වන එක..