හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් !
“සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා…”
ඒ කටහඬ..ඒ ගායනය.. ඒ සංගීතය..
ෂාහ්.. සින්දු කියන්නෙ ඒවලට අප්පා…
ඒ සංගීතයට පුළුවන් අමිහිරි තනිකමට මිහිරියාවක් එක් කරන්න
“හදාගන්න ඕනි ප්ලේන්ටියක්..” මගෙ හිත මටම කියා ගත්තා
හිත එක තැනක තියා ගන්න පුළුවන් කාටද? සින්දුව අහන ගමන් ප්ලේන්ටිය හදන අතරේ සුපුරුදු පරිදි කල්පනාවෙ අතරමං වෙනවා
“පරණ දේවල් වලට පරණ නිසාම හොඳයි කියන එක ලෙඩක්. ඒකෙන් වෙන්නෙ ඇත්තටම හොඳ පරණ දේවල් වලට හොඳයි කියන එකේ තියෙන වටිනාකම නැතුව යන එක. බොහෝමයක් පරණ සින්දු, ඇත්තටම හොඳයි..”
“රසය සාපේක්ෂයි.. හොඳ සාපේක්ෂයි”
මගෙ හිත මා එක්කම තර්ක කරනවා
“රසය සාපේක්ෂයි.. ඇත්ත. ඒත් හැමෝටම ඇති මේක හොඳටම හොඳයි කියල කියන්න පුළුවන් ගීත”
“ඔව්, යමක් විඳින්න ඒක සාපේක්ෂ වෙන එක ප්රශ්නයක් නෙමේ”
මගෙ හිතත් එක්ක මම ම කරන මේ කතාව ඉවර වෙන කතාවක් නම් නෙමේ
ප්ලේන්ටිය හරි.. දැන් අඩු එක දෙයයි..
පත්තු කරගත්තා සිගරට් එකත්.. දිගා වුනා පුටුව දිගේ
“මින්දද හීසර වැදී සැළෙන හද,
නංවන දුක් ගී ඔබට ඇසෙනවද,
නන්දන මල් අතුරා ඇති යහනට,
කන්ද කපා පායන් රන් පුන් සඳ”
සමහර ගීත අහද්දි අපට දැනෙනවා පරිපූර්ණත්වයක් ගැන හැඟීමක්. ඒ කියන්නේ මේ ගීතය මීට වඩා හොඳ වෙන්න විදියක් නැහැයි කියන හැඟීම. අංගසම්පූර්ණයි කියන හැඟීම…
පරිපූර්ණ කිසිවක් නැති ලෝකයක, පරිපූර්ණත්වය ගැන සංකල්පයම විකාරයක්. ඒත්, ඒ සංකල්පය විකාරයක් නොවෙන්නෙ කලාව කියන තැනදි විතරයි කියල මට හිතෙනවා
හැමවිදියකම පරිපූර්ණත්වය ගැන තියෙන සංකල්ප, යෝජනා වලට වෛර කරන මම ගීතයක තියෙන පරිපූර්ණත්වයට ආදරෙයි.. මට ඉවසන්න පුළුවන් ඒ පරිපූර්ණත්වය විතරයි
ඒ හඬවල් වලට.. ඒ සංගීතයට තියෙනවා මනුස්ස හදවතක් වෙනම ලෝකයකට ගෙනියන්න හැකියාවක්..
ප්ලේන්ටිය.. සිගරට් එක.. අමරදේවගේ කටහඬ.. කේමදාසගේ සංගීතය.. හැන්දෑව.. තනිකම..
“කවුද කියන්නෙ දිව්යලෝකයෙ යන්න මැරෙන්නම ඕන කියල?” මම මටම කියාගන්නව
නිවී හැනහිල්ලේ තනියෙම, තමාට අනුව පරිපූර්ණ ගීයක් අහද්දි දැනෙන හැඟීම.. වචනයෙන් විස්තර කරන්න බෑ..
“ජීවිතයේ තනිමංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආ…රා..ධ..නා
ආ…රා..ධ..නා”
ඔව්
ඒ
ඒ හැඟීම….
චචනයෙන් විස්තර කරන්න බෑ
ඔය සිංදු තුනම ලස්සනයි.කාලෙන් කාලෙට සිංදු ප්රියතම සිංදු වෙනවා. මට අද අහම්බෙන් අහන්න ලැබුන වික්ටර් රත්නායකයන්ගේ 'තොටුපළ අයිනේ ' සිංදුව නම් මම මේ සතිය පුරාවටම අහයි වගේ
LikeLike
මටත් ඔය ඇබ්බැහියම තියනව….හැබැයි…වික්ටර්ගෙ…..අමරදේවගෙ…සනත් නන්දසිරි…..වගේ අයගෙ සිංදු වලට රෝගය ඉක්මනින් වැලදෙනව…
LikeLike
මම නන් ඔය වෙලාවට ප්ලේන්ටියයි……ඔතපු සව්කොලයයි….අන්න දිව්යලෝකෙ..
LikeLike
මං දවසක් ඔය නව පරපුරේ ගායක දෙපළකගෙ ගීත අහමින් හිටියා . නව පරපුරේ කිව්වට දැන් දෙන්නා නවකයන්ගෙ සීනියර්ස්ලා. බොහොම සොඳුරු ගීත කිහිපයක් … අපේ කට්ටිය නව පරපුරට බැන්නට එයාලගෙත් ගත යුත්තක් තියෙන්නෙ . හරිම ලස්සනයි . අනං මනං ගොඩක් දේවල් හිතුවා . පස්සෙ කුස්සියට යනකොට අම්මගෙ රේඩියෝ එකෙන් මෙහෙම ඇහෙනවා .
සඳ දිය කොට කිරි වතුරින්
ඒ දියරින් මුව දෝවා
දිව මතුරක් වන්
නැළවිලි ගීයෙන්
මතකයි මා නැලවූවා ….
මගේ අර සිතුවිලි කොහෙ ගියාද දන්නේ නෑ.
//සමහර ගීත අහද්දි අපට දැනෙනවා පරිපූර්ණත්වයක් ගැන හැඟීමක්. ඒ කියන්නේ මේ ගීතය මීට වඩා හොඳ වෙන්න විදියක් නැහැයි කියන හැඟීම. අංගසම්පූර්ණයි කියන හැඟීම…
පරිපූර්ණ කිසිවක් නැති ලෝකයක, පරිපූර්ණත්වය ගැන සංකල්පයම විකාරයක්. ඒත්, ඒ සංකල්පය විකාරයක් නොවෙන්නෙ කලාව කියන තැනදි විතරයි කියල මට හිතෙනවා//
ඔබේ අදහසට මමත් එකඟයි.
LikeLike
//ඔව්
ඒ
ඒ හැඟීම….
චචනයෙන් විස්තර කරන්න බෑ// ++++++++++++++
LikeLike
උඹට එකගයි…. මෙන්න අපේ ඡන්දය අත්දෙකම උස්සලා……. ඊයේ රූ දොළහා හමාරත් පැනලා අපේ කරු මහතාගේ සින්දු තේරිල්ල අහ අහා ඉදලා සිහිනයකි රෑ බලා ඉද්දි වෙලාව යනවාවත් දැනුනේ නැහැ……. මේවා ඇගේ කෑලි වගේ දැනෙන්නේ බං…..
LikeLike
අමරදේවගේ සඳ හොරෙන්, ආරාධනා.. නන්දා මාලිනීගේ සැඳෑ කළුවර, කුරුටු ගෑ ගී පොතේ.. තව තියෙනවා ගොඩක්..
LikeLike
ඒකට ගහන්න ආතල් එකක් මේ ලෝකෙ තියෙනවද බං?
LikeLike
ඇත්ත. සමහර සිංහල ගීත වල අරුත් ගැඹුරුයි. ඉදිරිපත් කරල තියෙන විදිය හිතාගන්න බැහැ. තේමාවල් විවිධයි. අලුත් ගීත වලට නරකක් කියනව නෙමේ. අලුත් ගීත එකම ශෛලයට තේමාවට හිර වෙලා වගේ. පරණ ගීත වල තිබ්බ ඒ වෙනස නිසා වෙන්න ඇති කොච්චර ඇහැව්වත් ඇති වෙන්නෙ නැත්තේ
LikeLike
කියල වැඩක් නෑ බං 🙂
LikeLike
සිහිනයකි රෑ වැඩසටහන පට්ට බං. මම නම් බලන්නෙ යූ ටියුබ් එකේ
LikeLike
සංගීතය විඳිය හැක්කේ තනිවය. එහෙත් එහි රසය වඩාත් දැනෙන්නෙ ඒ හැඟීම් පිරිසක් සමඟ බෙදා ගත් විටය.
LikeLike
මචං,මගේ ගාව තියෙන්නෙ පෙන් එකක්…ඒකෙ ෆොල්ඩර්ස් වලතියෙන්නෙ එක එක මූඩ් වලට හරි යන සිංදු …සමහර විට උබකියලා තියෙන ජාතියසිංදු වලට වඩා ගොඩක් වෙනෙස් සිංදු පරිපූර්නයි කියලා හිතෙන්නෙ
තමන් ඉන්න මූඩ් එක මත කියාලා
මටහිතෙනවා…වෙලාවකදී මටහිතිලා තියෙනවා නිහාල් නෙල්සන්ගෙ ගුනෙඅයියගෙ කාමරේ පරිපූර්නයි කියලා…ඒත් හැම වෙලාවෙදිම නෙවෙයි
එක ෆොල්ඩ්ර් එකක
LikeLike
ආරාදනා එක තියෙන ෆොල්ඩරේ ඊලගට යන්නේ බාචි සුසාන්ගෙ මායාවේ…ඊලගටබ්තියෙන්නෙ ඩැඩීගේ චන්ද්රයන් පිදූ…ඊලගට තියෙන්න්නෙ many rivers to cross..jimmycliff ගේ…මං දන්නෑ මේකෙ කොහොම ෆිට් වෙනවද කියලා ..එත් අමුවෙන් බ්ලැක් ලේබල් ශොට් එක්ක් එක්ක කලුවරේ ඉදගෙන අහන්න මරු මික්ස් වඑක
…..
LikeLike
ඊලග සින්දුව….නීලාගේ මේ අවන්හලේ……:)
LikeLike
මේ අගනා සින්දු තුන අතරට තව එකක් එකතු කරන්නද?
රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනි වේ
– මේක අහනකොටත් මොකක්දෝ විස්තර කරන්න බැරි හැඟීමක් එනවා.
LikeLike
ඔය විස්තර කරන්න බැරි හැඟීම ඇතුලෙ තමයි අපූර්වත්වය හැංගිලා තියෙන්නෙ. මම ආස ඒකට. ඒ හැඟීම වචනයට නඟන්න, පැහැදිළි කරන්න බැරි එකට.
LikeLike
සමහර සංගීතයන් තියෙනව, සමූහයක් විදියට හිටියත් බාධා කිරීමකින් තොරව ඇසිය යුතු. සමහර සංගීතයන් තියෙනව සමූහයක් විදියට එකතු වෙලා සමරමින් සතුටු වෙමින් රසවිඳිය යුතු. කතා දෙකම ඇත්ත ඉන්දික..
LikeLike
උඹ කියපු එක හරියටම හරි. ඔය පරිපූර්ණත්වය පදනම් වෙන්නෙ මූඩ් එක අනුව. ඒ ටික එකතු කල එක හොඳයි.
මම නං මීඩියා ප්ලෙයර් එකේ ප්ලේ ලිස්ට් හදාගෙන ඉන්නෙ. නන්දා මාලිනීගෙ, අමරදේවගෙ, ටී.එම් ගෙ.. ඊළඟට හින්දි සින්දු.. අලුත් සින්දු.. ඕල්ඩ් ස්කූල් රැප් සින්දු (ඔව් බං මම ඒවත් අහනවා) විදියට ලිස්ට් හදාගෙන ඉන්නෙ මූඩ් එකට අනුව අහන්න.
LikeLike
ඉන්ග්රීසි සින්දුයි සිංහල සින්දුයි කලවමේ නං මට සෙට් වෙන්නෙ නෑ. එක එකාගේ කැමැත්තෙ හැටිනෙ ඉතින් 🙂
LikeLike