අනේ ඔය යන ගමන් මටත් ලයික් එකක් දාගෙන යන්න.. ලයික්..ලයික්..ලායි..ක්..ලා..ආ…ආ..ඊ..ඊඊඊ…ක්
අප සියල්ලන් දන්නා වත්පොතේ ‘ලයික්’ බොත්තමෙන් සිදුකරන්නේ යම් පෝස්ටුවකට හෝ ඡායාරූපයකට අපගේ කැමැත්ත පළකිරීම වුවද ඒ කැමැත්ත පළකිරීමට තිබෙන ලයික් බොත්තමේ තේරුම් බොහෝමයකි. පහත ඇත්තේ ඉන් කිහිපයකි. පාඨකයන් සතුව වෙනත් තේරුම් ඇත්නම් කමෙන්ට් තීරුවේ සඳහන් කිරීමට මැලි නොවන්න.
අනංග ලයික් – තමා ප්‍රිය කරන ගැහැණු ළමයාට ඇති කැමැත්ත ඇගේ මූණට ගොස් පැවසිමට කොන්ද පණ නැති කෙනෙක් වේ නම් ඇය පෝස්ට්/ෆොටෝ එකක් දමනා තුරු ගල්ඉබ්බෙක් සේ බලා හිඳ පෝස්ට් එක දැමූ පළමු තත්පරයේම දමනා ලයික් අනංග ලයික් නම් වේ. තමා යමෙකුට හිතෙන් ලව් කරනා බව හැඟවීමට මෙම ලයික් වර්ගය යොදාගත හැක.
බලෙන් ලයික් – මේ වර්ගය බොහෝ විට භාවිතා කරන්නේ ගැහැණු ළමුන්ය. තමාගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කල පසු එවෙලේම ලොග් අවුට් වී ගෙදර ඉන්නා අනිත් උන්ව ඇදගෙන විත් උන්ට කියා බලෙන් දමා ගන්නා ලයික් වර්ගය ‘බලෙන් ලයික්’ නමින් හඳුන්වයි. මීට අමතරව දුරකථන ඇමතුම් මඟින් සහ ෆේස් බුක් මැසේජ් මඟින් තම මිතුරු මිතුරියන්ගෙන් බලකොට මෙම ලයික් වර්ගය ලබා ගත හැක.
පණ්ඩිත ලයික් – මෙලෝ යකෙකුට නොතේරෙන මහප්‍රාණ පෝස්ට් එකක් දුටු විට එය ඔබට තේරෙන බව සියල්ලන්ට පසක් කර දී ඔබ මහා පඬියෙකු බව අන් අයට හැඟවීමට මෙම ලයික් වර්ගය යොදාගත හැක. (අවැසි නම් ‘100%ක් එකඟයි සහෝ’ වැනි කමෙන්ටුවක් දැමීමෙන් ඔබගේ පඬිකම වඩාත් තහවුරුවේ)
මිත්‍රශීලී ලයික් – මෙම ලයික් වර්ගය තමා යමෙක් ගැන ඇති කුළුපග බව හැඟවීමට යොදාගතහැක. තමාගේ යාලුපිට් එක වැඩි කර ගැනීමට නම් මිතුරා දමන ඕනෑම මන්දබුද්ධික පෝස්ටුවකට හෝ සඟ දැමූ රිලාමොටෙකු සේ සිටින ඕනෑම ෆොටෝ එකකට වුවද නොපැකිල ලයික් කිරීමට අමතක නොකරන්න.
රැල්ලට යන ලයික් – යම් පෝස්ට් එකක් බුකියේ හැමෝම හිටු කියා ශෙයාර් කිරීම නිසා හෝ හිටු කියා ලයික් කිරීම නිසා තමාද ලයික් කිරීම මේ නමින් හඳුන්වනු ලැබේ.
අනේ සුවීට් ලයික් – බල්ලෝ/පූසෝ/හූනෝ/හැකරැල්ලෝ/මීමින්නෝ/මල්/පාසි/පෙඳ වැනි ෆොටෝ වලට කෙල්ලන් දමනා ලයික් මේ නමින් හැඳින්වේ.
පැණි ලයික් – සාමාන්‍ය ගැහැණු නමකින් හෝ ‘මෝඩ එළුච්චි’ වැනි නමකින් ඇති ප්රරොෆයිලයකින් අප්ලෝඩ් වන ඕනෑම පෝස්ට් එකක් හෝ නාද්දි, කද්දි, බොද්දි, රෙද්දි ගසා දමන ඕනෑම ෆොටෝ එකක් වටා ඇඹලයෝ සේ රොක් වෙමින් දමන ලයික් පැණි ලයික් නම් වේ.
බලු ලයික් – තමා සමඟ ඇති ප්‍රේම සම්බන්ධය නවතා දැමූ එක්ස්-පෙම්වතිය පසුපස බල්ලෙක් සේ යන පොරක් නම්, ඒ කෙල්ලගේ ෆොටෝ වලට ලයික් දමා ‘කවදාවත් නැ අපි හමු වන්නේ ..මට යන්නට බැ මතකෙන් ඔබගේ ‘ යන පණිවිඩිය ලබා දීමට බලු ලයික් වර්ගය භාවිත කල හැක.
අමතක නැති ලයික් – තමා කාලයක් හමුනොවූ මිතුරෙක්ට ඔහු/ඇය ගැන තවමත් තමාට අමතක නැති බව හැඟවීමට මෙම ලයික් වර්ගය ප්‍රයෝජනවත් වේ.
අපි ගේම නෑ ලයික් – කාලයක් තිස්සේ බුකියේ මරාගත්ත සතුරෙක් වේ නම්, හෝ හිත යටින් තරහා බුකියේ යමෙක් වේ නම් ඔහුගේ පෝස්ට් වලට ලයික් දමා ශේප් න්‍යාය අනුගමනය කිරීමෙන් “අපි ගේම නෑ” යන මැසේජ් එක දීම උදෙසා මේ ලයික් වර්ගය භාවිතා වේ.
උඹට එකයි මට එකයි ලයික් – මෙම ලයික් වර්ගය වැටෙන්නේ සහයෝගයෙන් ගසා ගන්නා නොනිල ‘ පිටකසා ගැනීම්’ නැමැති ගිවිසුම් යටතටය. උඹ මගේ ඒවට ලයික් දාහන්, මම උඹේ ඒවට ලයික් දාන්නම්.. යනු ඒ ගිවිසුම වේ. දෙතුන් වතාවක් ක්‍රියාත්මක කල පසු දිගටම පවත්වාගෙන යා හැක
කට උත්තර නැති ලයික් – බුකියේ ඇතිවන විධද්ද, අතිපණ්ඩිත, බරපතල සංවාද වලදි අනෙකා විසින් තමාට කටඋත්තර නැති වන සේ දිග හෑල්ලක් කොටා පෝස්ට් එකක් දැමූ විට “මම ලයික් එකක් දැම්මා. පස්සේ උත්තර දෙන්නම්” කියා සොයා ගත නොහැකි සේ අතුරුදන්වී සිය ආත්මගරුත්වය බේරා ගැනීම උදෙසා මෙම ලයික් වර්ගය භාවිත කල හැක.
හැමෝටම ලයික් – කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හැමෝගෙම හැම මළදානෙටම ලයික් දැමිල්ල ‘හැමෝටම ලයික්’ නමින් හැඳින්වේ.
සිරා ලයික් – මේ සියල්ලටම අමතරව තමා යම් දෙයක් ඉගෙනගත්, සැමට ප්‍රයෝජනවත්, මින් පෙර නොසිතූ අලුත් අදහසක්, හිතට වැදුන සිරා පෝස්ට් වලට දමන ලයික් හඳුන්වන්නේ මේ නමිනි
මෙහි සඳහන් වන්නේ ලයික් දැමීම මිස ලයික් ගැනීම ගැන නොවේ. ලයික් ගැනීම මීට වඩා සෑහෙන සංකීර්ණය. එය පසුවටය. 😉
හිකිස්
LikeLike
ලයික්!
LikeLike
හැක් හැක්…පෝස්ට් එකටනම් මම ලයික්.
LikeLike
මෙන්න මගේ පික්චැර් එක,
ලැයික් කොරන්න..
පවුලට පොඩි එකෙක් ඇවිත්,
ලැයික් කොරන්න..
ආච්චිගේ මල ගම අද,
ලැයික් කොරන්න..
අම්මා අප්පා මලා උනත්,
ලැයික් කොරන්න..
පී ඇස් ඩියෙ පහක් මැරිලා,
ලැයික් කොරන්න..
සෙල්වා ඇතුලට ගිහිල්ලා,
ලැයික් කොරන්න..
ප්රගිත් තාම හොයනවාලු,
ලැයික් කොරන්න..
තාජුඩින්ට හෙන ගැහුවත්,
ලැයික් කොරන්න..
සිරියාවේ පොඩි එකාට,
ලැයික් කොරන්න..
අයිසිස්ලා බෙලි කපනවා,
ලැයික් කොරන්න..
සම්පන්තන් රජෙක් වෙලා,
ලැයික් කොරන්න..
ඔන්න යකෝ පෙඩරල් එයි,
ලැයික් කොරන්න..
මිහින් ළොක්කා පැරදිල්ලාලූ,
ලැයික් කොරන්න..
ටොයියෝ දැන් රජ වෙලාලූ,
ලැයික් කොරන්න..
බයියෝ ටොයියෝ එකතුවෙලා,
ලැයික් කොරන්න..
දෙගොල්ලො සෙට් වෙලා අරී,
ලැයික් කොරන්න..
ඩීව් තිස්ස විනාසයිලු,
ලැයික් කොරන්න..
ගොන් මන් පිල නාගන්නවා,
ලැයික් කොරන්න..
විමලේ සංධාන හදයි,
ලැයික් කොරන්න..
නාන එකේ නිමක් නැතේ,
ලැයික් කොරන්න..
තැටියත් දැන් රත් වෙලාලූ,
ලැයික් කොරන්න..
රොටියක් ගන් රත් කරන්න,
ලැයික් කොරන්න..
තැටි රොටි දෙක කරවෙලාලූ,
ලැයික් කොරන්න..
සෝභිතටත් මල පැනලලු,
ලැයික් කොරන්න..
බුද්ධිකයට කෙල වෙලාලූ,
ලැයික් කොරන්න..
රන්ජන් එස් බීට සැකොන්ඩ්,
ලැයික් කොරන්න..
මුතු හෙට්ටිත් ඇමිතියෙක්ලු,
ලැයික් කොරන්න..
දුමියා ගිහින් ලන්සා ඇවිත්,
ලැයික් කොරන්න..
ඔක්කොම ඇමතියො වෙලාලූ,
ලැයික් කොරන්න..
කැබිනට් එක ගිගා සයිස්,
ලැයික් කොරන්න..
ටොයියෝ දැන් ගොළු වෙලාලූ,
ලැයික් කොරන්න..
මේකද බං යහපාලනේ,
ලැයික් කොරන්න..
අනේ ලැයික් කොරන්න….
Darling ලැයික් කොරන්න….
Like එකක් දාන්න…
මෙයා Share කොරන්න…
LikeLike
මූණු පොතේ සම්ප්‍රධායන් තවම එච්චර ඇඟට වැදිලා නෑ.ඒත් මේ බ්ලොග් වල ඔය ලයික් බටන් එක නැති එකටනම් මම අප්‍රමාණ සතුටුයි.
LikeLike
1600 යේ කෑලිවලට
පෝස්ට් දදා හිටපු එකා
වසරේ බ්ලොග් කරු වෙලාලු
ලැයික් කොරන්න..
LikeLike
මම ෆේස් බුකෙක් නොවුනත් මේ පෝස්ට් එකට 'සිරා ලයික්' එකක් දමමි.
LikeLike
මුහුනු පොතට අනුව මා නම්,මවට පියාට ආදරය නොකරන්නෙකි,හිත උනු නොවන්නෙකි,දේෂද්රෝහියෙකි,ජාතිවාදියෙකි,කුහකයෙකි,ගෑනුන්ට පමනක් ලයික් දමන්නෙකි,යුද්ධය අමතක එකෙකි,යුද්ධ කල සෙබලුන් අමතක එකෙකි,අවජාතකයෙකි..
ඔය ලයික් බටොන් එක මාව පත්කරපු තැන
LikeLike
මොකද හිනා වෙන්නෙ? මේක මේ ෆේස් බුක් එක ගැන හෙණ සීරියස් පෝස්ට් එකක් 😛
LikeLike
මමත් ලයික්
LikeLike
ස්තූතියි මචන්
LikeLike
මාතේ – සුපිරි
LikeLike
මම බ්ලොග් වලට ආවාට තවම ඇඟේ තියෙන්නේ මුහුණු පොත. ලයික් බට්න් එකේ හොඳ නරක දෙකම තියෙනවා
පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නද උඹෙන් – මචන් වෙන බ්ලොග් වලට කමෙන්ට් කරපුවම ෆලෝ අප් කමෙන්ට් එන්නේ ඊමේල් එකට නේද? මම කමෙන්ට් කරල ඒකට වෙන කවුරු හරි රිප්ලයි කලාම හරි, වෙන කෙනෙක් ඒ පෝස්ට් එකට කමෙන්ට් කලාම හරි මම ෆලෝ අප් ඔප්ෂන් එක ටික් කලත් ඒ ඊමේල් එක මට එන්නෙ දවස් දෙක තුනක් ගිහින්. මේක හදාගන්න ක්‍රමයක් හරි මේකට හේතුව හරි දන්නවද?
LikeLike
තෑන්කූ වේවා
LikeLike
ඇත්ත. සමහර වෙලාවට ඔය ලයික් බොත්තම හරිම කුරුරුයි. (අර ලයික් කරලා ලෙඩ හොඳ කරනා අවස්ථා වලදි හැර 😛 )
LikeLike
බ්ලොග් කාරයොත් එක්ක මොකවත් කරන්න බැරි හැටි ! “ලයික්” එක ගැනත් ලියලා නෙව
LikeLike
ඒක තමයි බන් බ්ලොග් ලිවිල්ලෙ ආතල් එක. එන්න එන්නම මේකට තියෙන ආසාව වැඩිවෙන්නෙ ඒක නිසා වෙන්න ඇති.:)
LikeLike
ඔය පහල තියෙන Notify me කියන බොක්ස් එක ටික් කරාමත් එහෙමද?
ඔන්න මමත් ඒක ටික් කලා මොකද වෙන්නේ කියලා බලන්න
LikeLike
ඔව්. ඒත් එහෙමයි. අන්තිමට මම වෙන බ්ලොග් වල කමෙන්ට් කරන එක නතර කලා. ඇයි වැඩක් නෑනෙ කරල. අනිත් අය රිප්ලයි කලාද නැද්ද කියල දැනගන්න ආයෙ බ්ලොග් එකටම ගිහින් ගිහින් බලන්න ඕන.
LikeLike
වල්පල් ලිව්වා වගේ නෙවේ… ඔන්න මේවා කොපි කරලා බුකියේ දාල සමහරු එයාල ලිව්වා වගේ like ගන්නවා කියන්ඩකෝ
LikeLike
කොපිරයිට්ස් නෑ බං 🙂
LikeLike