රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට රටට ඇතුල් වෙන විදෙස් රටක නායකයෙක්ගෙ ඔලුවට තුවක්කුවකින් කෙළලා අරින එකෙක් අපිට වීරයෙක් වෙද්දි, අපේ රටේ ‘හොඳ’ ජනාධිපතිට කුණුහරපයක් කියන එකෙක් අපිට දුෂ්ඨයෙක් වෙනවා.
ඒක තමා අපේ ශිෂ්ඨත්වය, සභ්‍යත්වය.. හැදියාව
රජ්ජුරුවන්ට කුණුහරපෙන් බනිනවද එහෙම?
අපි දැනගන්න ඕන අපේ තැන ඉන්න
රජතුමා කොච්චර අවලම් වැඩ කලත්, ඒවාට අවලම් වැඩ කියන්න හොඳ නෑ…
රජතුමා කොච්චර පොන්න වැඩ කලත් ඒවාට පොන්න වැඩ කියන්න හොඳ නෑ.. නෑ..
රජතුමා ගමරාල කෙනෙක්ගේ භූමිකාවයි ජනාධිපතිතනතුරේ භූමිකාවයි තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති ගොං වහන්සේ කෙනෙක් වුනාට එතුමාට ගොං වහන්සේ කියන්න හොඳ නෑ. නෑ..නෑ..
රජතුමා රාජ්‍ය පාලනය සම්බන්ධ තීරණ පත්තරෙන් දැනගන්න, රටට වඩා පක්ෂය ලොකු කරගත්ත, පඹ ගාලක පැටලුන කොයිතරම් කාලකණ්ණි පිස්සු *කන්නෙක් වුනත් එතුමට එහෙම කියන්න හොඳ නෑ..නෑ.නෑ..නෑ
“රජතුමෙනි.. සොරි.. ගමරාළතුමෙනි.. ඔයා හරීම.. නරක සමනලයෙක් !”
පලාත් සභා මන්ත්‍රීකෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් හෙම සාමාන්‍ය මනුස්සයෙක්ට කුණුහරපයෙන් ඔහොම කතා කලොත් එදාටත් ඔය ඉක්මනින්ම ඌවත් අල්ලලා හිරේ දායි මයෙ හිතේ..
ඒක නං මට ඉර හඳ වගේ විස්සාසයි
මොකද අපි ජීවත් වෙන්නෙ අශිෂ්ඨත්වය ඉදිරියේ අකුරටම නීතිය ක්‍රියාත්මක වෙන රටකනෙ…හා නැද්ද?
පොඩ්ඩක් නික..මට වගේ නිකන්ම නිකන් හිතල බලන්න.
වෙන වෙලාවට ක්‍රියාත්මක නොවෙන නීතියක් මෙවෙලේම අකුරට ක්රියාත්මක වෙන එකෙන් හිතෙන්නෙ නැද්ද මේක සාමාන්‍ය මනුස්සයෙක් සහ ජනාධිපති කෙනෙක් අතර ප්‍රශ්නයක් නෙමේ..
මහජනතාව සහ පාලකයො අතර ප්‍රශ්නයක් කියල..
මේකෙන් පාලකයා දෙන්නෙ මැසේජ් එකක්. ඒ මැසේජ් එක තමයි නීතිය කියන්නෙ ඌට ඕන වෙලාවට ඌට ඕන විදියට ඌට ඕන අයට විරුද්ධව පාවිච්චි කරන්න තියෙන අවියක් කියන එක..
ඒ අවිය නියම එල්ලයට නියම වෙලාවට ඉලක්ක වෙන්නෙ අනිත් පැත්තෙ සාමාන්‍ය මනුස්සයෙක් ඉද්දි විතරයි..
අනිත් පැත්තෙ ඉන්නේ වෙන එකෙක් නම්, ඒ කිව්වෙ බලය තියෙන එකෙක් නම්.. එතනදි නීතිය ක්‍රියාත්මක වීමේදී පොඩි කන්ඩිෂන් බලපානව.. කාලගුණ තත්වය, වාතයේ අර්ද්‍රතාවය, කාමර උෂ්ණත්වය.. ඔය ඔක්කොම සලකලා බලලා හිත නොරිදෙන ඇඟ නොරිදෙන විදියට ඉස්පිරිතාල පහසුකම් හෙම එක්කයි ලාවට වගේ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නෙ.
ඔය බැනපු මනුස්සයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා.. ඔහොම බැන්නෙ වෙන කෙනෙක්ට නම්.. දවස් දෙක තුනකින් සීන් එක අමතක වෙලා ගිහින් මෛත්‍රීගේ ආණ්ඩුවට පැනලා ඇමතිකමකුත් ගන්න තිබ්බා..
කියනවට නිකන්.. නික…මට හිතන්න.. හිතල බලන්න
බොරුද කියල?
ප/ලි –
එක,
රජීව් ගාන්ධි රටට පැමිණීමේ හරි වැරැද්ද වෙනම කාරණයකි. මිනිස්සු අකමැති නිසා රජීව් ගාන්ධිගේ ඔලුවට තුවක්කුවෙන් ගහන එක නිවැරදි නම්, හෙට රටෙන් බහුතරයක් මෛත්‍රීට අකමැති වුනොත් හෙට හවසට අරූම කුණුහරපෙන් වීඩියෝ එකක් ගහලා අප්ලෝඩ් කිරීම නිවැරදි විය යුතුය.
දෙක,
මේ සම්බන්ධව නීතිය කුමක්ද කියා දනිමි. නීතිය ඉදිරියේ තීරණය වෙන්නේ යමක හරි වැරැද්ද නොව යමක නීත්‍යානුකූලද නැද්ද පමණක් බවත් සඳහන් කරමින් සටහන අවසන් කරමි.